මහනුවර ප්‍රදේශයට ඊයේ (25) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු කාර්යාලයේ ගබඩා කොට තිබු පාසල් පෙළපොත් සහ ලිපි ලේඛණ රැසක් ජලයෙන් යටවිය.
මහනුවර බෝගම්බර බස් පර්යන්තය දෙසින් ගලා ආ විශාල ජල පහරින් එම කාර්යාලයේ පෙළපොත් සහ ලිපි ලේඛණ ගබඩා කොට තිබු කාමර කීපයක් ජලයෙන් යටව ඇති අතර, පැති බැම්මක්ද කඩාගෙන ගොස් තිබිණි.
සිද්ධිය සැලවු වහාම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා එම ස්ථානයට පැමිණ ජල පහරට හසු වු පෙළපොත් හා ලිපි ලේඛණ ආරක්ෂිතව ඉවත් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ අමරසිරි පියදාස යන මහත්වරුන් ඇතුළු එම දෙපාර්තුමේන්තුවේ කාර්ය මණ්ඩලය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව සිදු කරන ලදි.




ශාන් හුලංනුගේ