පිළිස්සුම් තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ හපුගල, බෙරලියදොළවත්ත ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි.
ඇය කලක සිට ආබාධිතව නිවසේම සිටි අයෙකු බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පෝද්දල පොලිසිය පවසන්නේ මෙම කාන්තාව ඊයේ (21) දහවල් සිය නිවසේ දී ගින්නකට හසු වී ඇති බවයි. ඇගේ පුතකු පෝද්දල පොලිසියට පවසා ඇත්තේ රෝද පුටුවක සිටි තම මව සිටින කාමරයෙන් දුමක් පිටවනු දැක එය බැලීමට යාමේ දී රෝද පුටුවේ ම ගිනි ඇවිලී සිටි බවයි. කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගිය ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගියාය.
කාන්තාව මියයෑමෙන් පසු කරාපිටිය රෝහලේදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල අද (22) ලැබී තිබුණු අතර ඒ අනුව තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බවයි. දේහය සම්බන්ධ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබිණි.
සිරංගිකා ලොකුකරවිට