පළමු කාර්තුවේදී ආර්ථිකය සියයට 11.5කින් හැකිලිලා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ පළමු කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) තුළදී 11.5%කින් හැකිලී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.2023 වසරේ පළමු කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
මෙම ඇස්තමේන්තුවට අනුව 2023 වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,114,187ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ එනම් 2022 වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් මිලියන 3,519,400 හා සැසඳීමේදී මෙලෙස 11.5%ක ඍණාත්මක වර්ධනයක් බවට සටහන්ව තිබේ.
මෙහිදී මේ වසරේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.8%ක සුළු වර්ධනයක් වාර්තා කර ඇත. එහෙත් කර්මාන්ත ආර්ථික කටයුතු 23.4%කින් සහ සේවා ආර්ථික කටයුතු 5.0%කින් පහත වැටී තිබේ.
මේ අතර 2023 පළමු කාර්තුවේදී භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) දළ දේශීය නිෂ්පාදිතයට දැක්වූ දායකත්වය 5.1%ක් ලෙස සටහන්ව තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2023 වසරේ පළමු කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ මෙලෙස දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරයි.
popular news
-
Samson De Silva Friday, 16 June 2023 02:51 AM
Yako, api hithaagena hitiye hitapu ekaa ratata kelewwaa. E yaka horenma penalaa giyaata pasuwa ugey thanathura horen gaththa ekaa rata goda demmaa kiyalaa. Balagena giyaama den inna ekaa hitapu ekaa kelawapu tharamath wediyen kelawalaa neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

