පිළිමතලාව නිරෝධායන මධ්‍යස්ථාන පාලනය කරන හමුදාව සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ අතර පැහැදිලි සබඳතාවයක් නොමැති විමෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිළිබදව ගැටලු මතුව ඇති බවත් ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිස් රාත්‍රි කාලයේ නගරයට යාමෙන්, ඇතැම් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය අවට ගැවසෙමින් විවිධ මත්ද්‍රව්‍ය ලබා දෙන බවට තොරතුරු වාර්තා වි ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මධ්‍යම පළාත් කොවිඩ් 19 සමාලෝචන රැස්විම ඊයේ ( 1) ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැති අවස්ථාවේ කරුණු දක්වමින් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුන තිලකරත්න මේ බව කියා සිටියේය.
මෙම තත්ත්වය මත මහනුවරට කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බවද වහාම හමුදාව සහ සෞඛ්‍ය අංශ අතර නියාමනයක් ඇති කිරිමට කටයුතු කරන ලෙසද වෛද්‍ය තිලකරත්න මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා වෙත දැන්වීය.
නාවික හමුදාවට වෛරසය පැතිර ගියා සේ මධ්‍යම පළාතේ සාමාන්‍ය ජනතාව වෙත වෛරසය පැතිර ගිය හොත් රජයේ වැඩපිළිවෙලට දැඩි තර්ජනයක් ඇති වන බවද , මෙම තත්ත්වය මගහරවා ගැනිමට දැඩි පියවර ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය.