රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති පුරවර විශ්ව විද්‍යාල (City University )ව්‍යාපෘතියේ ප්‍රථම විශ්ව විද්‍යාලය කෑගල්ල රඹුක්කන පින්නවලදී ආරම්භ කෙරේ.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹෙපොල හා කනක හේරත් යන මහත්ම මහත්මීන් අද (29) කෑගල්ල රඹුක්කන පින්නවල වාගොල්ල පිහිටි සබරගමු පළාත් සභාව මගින් ඉදිකර ඇති ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට එක් විය.
මෙය රුපියල් ලක්ෂ 1240 වියදමින් කෑගල්ල හෝටල් පාසල සදහා හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් සබරගමු පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදි කර ඇත.
ගොඩනැගිල්ල මහල් හතරකින් සමන්විතය.
මෙම ගොඩනැගිලි සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් රජය මගින් සැලසුම් කර ඇති පුරවර විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය යටතේ නව විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා හා රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹෙපොල මහත්මිය හා කනක හේරත් මහතා කටයුතු කර ඇත.
මෙම පුරවර විශ්ව විද්‍යාල ලංකාවේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි ආරම්භ කිරීමට නියමිතය.
ඒ ඒ දිස්ත්‍රික්කවලට ආවේණික කේෂ්ත්‍ර ඉලක්ක කරගනිමින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට රජය කටයුතු කරයි.
කෑගල්ල ආරම්භ කෙරෙන මෙම විශ්ව විද්‍යාල තුල සංචාරක,පශු,කෘෂි,ඇගලුම්,භාෂා ඇතුළු විෂයක් ක්ෂේත්‍ර රැසක්ම ඉලක්ක කරගනිමින් උපාධි පාඨමාලා ආරම්භ කෙරේ.
මේ සදහා අධ්‍යාපාන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට නොතේරෙන දරුවන් සදහා අවස්ථාව සැලසේ.