පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08 දා) වටලා සහල් කිලෝ ලක්ෂ 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් සතුව තිබී රජය භාරයට ගත් සියලුම සහල් තොග සෘජුවම සතොස අලෙවිසැල් වෙත යොමුකර තිබේ.
වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟයට අවශ්‍ය සහල් ප්‍රමාණය පමණක් එහිදී රජය භාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පැවසීය.
අරලිය, හිරු, නිව් රත්න, ලත් සහල්, සූරිය, නිපුන සහ ජයවික්‍රම යන සහල් මෝල් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 8ක පමණ ප්‍රමාණයක් රජය භාරයට ගෙන තිබේ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුල්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම සහල් තොග පවරාගැනීම සිදුකළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේය.
මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ වෙළෙඳපොළට නිකුත් නොකළ සහල් තොග එලෙස රජය භාරයට ගෙන වැඩි සහල් ඉල්ලුමක් පවතින සතොස අලෙවිසැල් වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.
සිය භාරයට ගත් සහල් තොග කඩිනමින් පාරිභෝගිකයින් වෙත ලබාදීම රජයේ අරමුණ බව වාර්තා වේ.