පළාත් සභා මැතිවරණය පැරණි ක්රමයට පැවැත්වීම පිළිබඳව පක්ෂ නියෝජතයන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.
අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීය. නව ඡන්ද ක්රමයේ පවතින ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවී තිබේ.
ඒ අනුව පළාත් සභා 9ම මේ වන විට විසුරුවාහැර ඇති අතර ඒවා ආණ්ඩුකාරවරුන් යටතට පත්කර තිබේ.