පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
ගිනිගත්හේන ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි.රත්නායක අමාත්‍යවරයා ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ.
විපක්ෂයට ඕනි පිටරටින් වස විස ගෙනල්ලා කැවුම් කොකිස් කන්න, ඒකට තිත තැබිම වැරැද්දක්ද?අද කහ සුලබ විගෙන එනවා, දේශිය නිෂ්පාදන ඒ සල්ලි කාටද එන්නේ? වයඹ පළාතේ පොල් වගාකරුවන්ට පොල් තෙල් නිෂ්පාදනය කරන්න අවස්තාව උදාවෙනවා.පිරිසිදු පොල් තෙල් ලබා ගන්න පුළුවන්.
මැලේසියාවේ ෆාම් ඔයිල් හදනකොට පොල් තෙල් කන්න හොද නැ කොලොස්ටරොල් හැදෙනවා කියලා පොත් ලිව්වා නේද අපේ සමහර වෛද්‍යවරුන්. නවසිලන්තයට ඕනි විදිහට අපේ සමහර වෛද්‍යවරු පොත් ලිව්වා බත් කා නැසෙමුද කිරි බි හැදෙමුද කියලා.
ඒ වගේ මුදලට වහල් වෙන එකට හොදම පිලිතුර තමයි දේශිය නිෂ්පාදනය වැඩි කිරිම .මේ සැරේ තෙල් පැණි ඇත්තන්,කැවුම්ද පඤ්ඤං කිව්වලු. මේ රට බෙදන්නන්ට, ඩයස්පොරොවට ඕනි විදිහට වැඩ කරන විපක්ෂයට, රට පවා දෙන අයට පිලිතුරු ලබාදිමට හොද තො තැන්නක් වෙනවා පලාත් සභා මැතිවරණය. ඒ අය තමයි පලාත් සභාව සදහා 70/30 ගෙනාවේ, රැ 7.30ට ඒක සම්මත කර ගත්තේ.
අපි ඒක සංශෝධනය කරන්න ඕනි, සංශෝධනය කරමින් ඉක්මනට පලාත් සභා මැතිවරණය තියනවා.