පළාත් සභා මැතිවරණය කල්දැමීමට තම පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත්, නව මැතිවරණ ක්රමයේ අඩුපාඩු තිබේ නම්, ඒවා සකස් කරගෙන කඩිනමින් මැතිවරණයට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පළාත් සභා අලුත් මැතිවරණ ක්‍රමයට මෛත්‍රී පාර්ශ්වය එකඟ බවට පවසන බවත්, එක්සත් ජාතික පක්ෂය පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ අනුව පොදුවේ ආණ්ඩුවට වුවමනා වී ඇත්තේ පළාත් සභා මැතිවරණය කල්දැමීම බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
නව මැතිවරණ ක්රමයේ අඩුපාඩු ඇත්නම්, නම් එය සකස් කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් බවද හෙතෙම කියා සිටියේය.