බස්නාහිර, සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට, මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අද පස්වරුවේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුර, උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී (40-50) දක්වා වර්ධනය විය හැකියි.
අකුනු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.