පළාත් පහක දිස්ත්‍රික්ක 11ක් වෙත තද වැසි හා අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනරව රත්නපුර, කළුතර, නුවර-එළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසිත්, ගම්පහ, මහනුවර, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 පමණ තද වැසි අපේක්ෂා කරන බවත් ඔවුහු පවසති.
අද (26දා) පෙ.ව. 11.30 සිට හෙට මධ්‍යාහ්න 12.00 වන තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුතු කර තිබේ.