පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ ආනයනික පොල්තෙල් ගබඩා කර ඇති ගබඩා තුනකට මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරුවීමෙන් පසු ඒවා ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් මෙලෙස මුද්‍රා තැබූ බවයි.