රජය පසුගිය දින හත තුල රු. බිලියන 32.79 ක් හෙවත් රු. කෝටි 3279 ක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
පසුගිය මාසයේ සති තුනක කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගැසීම පාලනය කිරීමට සමත් විය. විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා ජූනි 9 දින රු. බිලියන 5 ක් පමණ අච්චු ගැසූ මහ බැංකුව ජූනි 15 දින රු. බිලියන 27.88 ක් අච්චු ගසා ඇති අතර ඩබ්ලිව්.ඩී.ලක්ෂමන් හා අජිත් නිවාඩ් කබ්රාල් ගේ සමයේ මෙන් මහා පරිමාණ සල්ලි අච්චු ගැසීමක් මේ වන විට සිදු වන්නේ නැති බවද රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය .
2019 වසරේ මසකට රු. බිලියන 150 ක් වූ රජයේ ආදායම් කොරෝනා සමයේ දී මසකට රු. බිලියන 123 දක්වා පහත වැටුණි. 2022 මැයි මාසයේ රජයේ ආදායම රු. බිලියන 15 කි. 2019 ට සාපෙක්ෂව රජයේ ආදායම දහයෙන් පංගුවකට අඩුවී තිබේ.
මහ බැංකුව විසින් විවෘත ගිණුම් (ඕපන් එකවුන්ට්) ක්‍රමය යටතේ භාණ්ඩ ගෙන්වීම තහනම් කරන ලද නමුත් වෙළෙඳ අමාත්‍යාංශයේ ඉල්ලීම මත භාණ්ඩ 10 කට නැවතත් විවෘත ගිණුම් ක්‍රමය යටතේ භාණ්ඩ ගෙන්වීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකි විය. කොළඹ හා මීගමුව හවාලා මුදල් හුවමාරු ක්රමයේ නිරත පිරිසක් විසින් මේ සමඟ බලපෑම් කර ඇත. තවදුරටත් භාණ්ඩ මිල ඉහළ යාම මෙහි අනිවාර්ය ප්‍රතිඑලය වනු ඇත. ආහාර ද්‍රව්‍ය ආනයනය අවශ්‍ය ඩොලර් අඛණ්ඩව ලබාදීමට මහ බැංකුව කටයුතු කර ඇති නමුත් කළු සල්ලි මාෆියාව රජයේ ප්‍රතිපත්ති තීරණ කෙරෙහි අඛණ්ඩව දේශපාලන බලපෑම් කිරීමට සමත්වී ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා පැවසීය.