පසුගිය කාලේ රජයක් ලෙස අපේ අඩුපාඩු තිබුණා - හැරිසන්
"පසුගිය දින 52ක කාලය තුළ රට අකර්මන්‍ය වී තිබුණා. ඒකට හේතුව රටේ හැමෝම දන්නවා. සමහරු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දොස් පැවරුවත් මම කිසිදිනක එතුමාට දොස් පැවරුවේ නැහැ. මොකද පසුගිය කාලය තුළ රජයක් විදිහට අපේ අඩුපාඩු තිබුණා. දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච අපේ පාක්ෂිකයින්ට සලකන්නට අපිට නොහැකි වුණා. හැමදාම පාරවල්වල උද්ඝෝෂණ, පෙළපාලි තිබුණා. එම නිසා මහජනතාවට විශාල අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වුණා.
මෙවැනි තත්ත්වයන් වලින් අප්‍රසාදයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂ රජය. හැමෝම කිව්වේ මේක යූ.එන්.පී. ආණ්ඩුවක් කියලා.අපේ පාක්ෂිකයෝ අපිව විවේචනය කළා. එවැනි අවස්ථාවක තමයි අපේ අග්‍රාමාත්‍යතුමාව ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කළේ. නමුත් එම සිදුවීම මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයට වූ හොඳක් විදිහටයි".
අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අද (21) දින අභිනව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා පැමිණි නිලධාරී හමුව අමතමිනිෙ
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් අද මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ නැහැ. බොහෝ විට සිදුවන්නේ ප්‍රශ්නම උලුප්පා පෙන්වීමයි. එම නිසා රටේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීම මාධ්‍යවල වගකීමක් ලෙස මම දකිනවා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
