ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් 12/07 දින පස්වරු 01.00 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියහ.
මෙම ගුවන් යානය තුළ ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයින් 60 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම ගුවන් යානා දෙක තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කදවුරක සිට මෙසේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය , යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතය.

