පස්සර මඩොල්සිම දැඩි අවධානම් මාර්ගයේ බෑවුම් සහිත ප්රදේශ දෙපස පස් වැටි දමා අවධානම අඩුකිරීමේ වැඩ සටහනක් ක්රියාත්මක කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය කාලයේ මගී බස් රථ සහ වෙනත් වාහන රැසක් මාර්ගය දෙපස තිබෙන බෑවුම් ප්රදේශවලට පෙරලී සිදු වු අනතුරුවලින් විශාල පිරිසකගේ ජීවිත අහිමිවී තිබේ.
මෙම මාර්ගය දෙපස දැඩි අවධානම් බෑවුම් ප්රපාත තිබීමත් උදේ සවස මාර්ගය ඝන මීදුමෙන් වැසී තිබීමත් නිසා නිතර රිය අනතුරු සිදුවන බව ප්රදේශවාසීන් කියන අතර මාර්ගය දෙපස පස් වැටි දැමීම නිසා අනතුර සිදුවීමේ අවධානම පහව යන බවද රියදුරන් හා මගී ජනතාව පවසයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි

