දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු හා උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමාණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමාග ඇතිවිය හැකි තාවකලික තද සුළ වලින් සහා අකුණු මාඟින් සිදු වන් අනතුරු
අවමකර ගැනීමට පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.