කොළඹ සහ ගම්පහ දිස්ත්රික් යා කරමින් හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගග හරහා ඉදිකර ඇති පාලමින් න් පස්හැවිරිදි පිරිමි දරුවෙකු කැළණි ගඟට තල්ලු කර දැමූ කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද රාත්රී 7.20. පමණ අදාල කාන්තාව දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අය විසින් කාන්තාව නවත්වා තිබේ.
පොලිස් නිලධාරීන් විසින් අදාල කාන්තාව රැගෙවිත් මුර පොළෙහි රඳවාගෙන සිටියදී සිද්ධිය දැනගත් මට්ටක්කුලිය ප්රදේශවාසින් පිරිසක් ඇයට පහරදීමට උත්සාහ කර ඇත.ෙ
නමුත් එහි නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව එය වලක්වා ගෙන ඇතත් මුර පොළ තාවකාලික තිර ආවරණ ඉරා දමා ඇත.
එහි පැමිණි මට්ටක්කුලිය පොලිස් රථයෙන් එහි සිටි නිලධාරීන් අදාල කාන්තාව භාරදීම සඳහා වත්තල පොලිසිය වෙත රැගෙන යනු ලැබ ඇත.
මේ අතර අවට ඩිංගි ධීවර යාත්රා යොදාගනිමින් මගින් දරුවා සෙවීමේ කටයුතු වල මේ මොහොත වන විටත් උත්සාහ දරමින් සිටිති.
වත්තල -. ස්ටැනිස්ලස් පයස්