අනුමැතියකින් තොරව අලි අගල් කැපූ පුද්ගලයන්ට සිංහල කාලයේ දඩුවම් ලබාදිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"කිසිම අනුමැතියක් නැතිව කිලෝමීටර් 55ක අගල් කැපුවා අඩි 10ක් ගැඹුරට අඩි 10ක් පළලට. තමන්ගේ හිතවතුන්ගේ යන්ත්ර සූත්රවලින් කපලා පස් අරං ගියා. ඒක මම කිව්වාම හිටපු වනජීවී ඇමති මෙතන මර ලතෝනි දෙනවා, බව් බව් ගානවා.
කියන එව්වා තේරෙන්නේ නෑ. මම ඉල්ලනවා වර්තමාන ඇමතිගෙන් මේ ගැන පරීක්ෂණයක් කරන්න. නැත්නම් අපි පරීක්ෂණයක් කරලා මේ පස් කපපු ඇමතිට සිංහල කාලයේ දඩුවම් දෙනවා. මේ අගලට දාලා අපි අනිවාර්යයෙන් පස් ගහහනවා. ඒ නිසා අනිවාර්ය පරීක්ෂණ කරන්න."