හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (04) දින පස්වරුවේ සිට එක් මන්තීරුවකට සීමා කර ඇත.
එම මාර්ගයේ කුඩාගම ප්රදේශයෙන් (04) දින පස්වරු 5:30ට පමණ පස් කන්ද කඩා වැටී ඇති බවත්, පස් කන්ද කඩ වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
පවතින වර්ෂාවත් සමග එම මාර්ගයේ රථවාහන ධාවනයේදි සලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
