පස්සර සිට බදුල්ලට ධාවනය වෙමින් තිබූ ලොරියක් අද (30දා)සවස පස්සර කිරිමණ්ඩලය අසළදී මාර්ගයේ වැරැදි මං තීරුවට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක් පමණ ප්රපාතයකට පෙරළී ඔයකට වැටී අනතුරට පත්විය.
රියදුරා සහ සහායකයා බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කළ බවත් ඔවුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව සිටි බව විමර්ශන වලදී අනාවරණය වූ බවත් පස්සර පොලිසිය පවසයි.
පාලිත ආරියවංශ