පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ මාරක බස්රථ අනතුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නියෝගය මත අද (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනතුරට පත් බස් රථයේ රියදුරු හා ඒ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට පත්ව සිටි ටිපර් රථ රියදුරු අප්‍රේල් මස 01 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (25) පස්සර සංචාරක අධිකරණයේදී නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අදාළ බස් රථයේ රියදුරු වූ අම්බලන්ගොඩ කොටස, හොප්ටන්, ලුණුගල යන ලිපිනයේ පදිංචි කේ.ආර්.නිමල් චන්ද්‍රකාන්ත් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු හා සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ සිට පලාගිය බව කියන ටිපර් රථ රියදුරෙකු වන නිකිණිරාම පාර දළුපිටිය කඩවත යන ලිපිනයේ පදිංචි දිසානායක මුදියාන්සේලාගේ චන්ද්‍රකුමාර නම් 45 හැවිරිදි අයෙකි.
මෙම නියෝගය ලැබෙන විටත් අදාළ අනතුර හේතුවෙන් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ බස් රථ රියදුරු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණය මත තවදුරටත් ප්‍රතිකාර ලැබීමට නියමිත බවද පොලීසිය පවසයි.
හාලි ඇල - රත්නායක