පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් පාසල් ප්‍රජාව සක්‍රීය ව බලගැන්වීමත්, වැරදි අවබෝධයන් මත මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් එයින් මුදවාගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් ඒකාබද්ධ ව විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.
එහි පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවේ පාසල් අතර වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49ක් ඉලක්ක කරගනිමින් “සුරක්ෂිත හෙට දවසක් ”යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් හඳුන්වාදීම අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
මෙහි දී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ජනගහනයෙන් කවර හෝ මත්ද්‍රව්‍යයක් හෝ මත්පැන් භාවිත කරන වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමුන් සංඛ්‍යාව 293,826ක් බවද, වයස අවුරුදු 18ට අඩු ගැහැනු ළමුන් සංඛ්‍යාව 2,046ක් බව ද වාර්තා වන බවයි. එමෙන් ම පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්රිත ව සිදුවන වැරදි පිලිබඳ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුව, 2018 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය හා ඒ ආශ්රිත වැරදි සම්බන්ධව වයස අවුරුදු 18ට අඩු සිසුන් 3,455ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් 25 දෙනෙකු වයස අවුරුදු 14ට අඩු අය බවත් සඳහන් කළ හැකි බවයි.
එමෙන් ම 2018 වර්ෂයේ සංඛ්යාත්මත දත්ත අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 59,75,607 දෙනෙක් හෙරොයින්, ගංජා, මත් පෙති, සිගරට් ආදී කවර හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කරන බව ද පෙන්වා දුන් ඒ මහතා, ඔවුන් අතරින් බස්නාහිර පළාතේ මත්පැන් හෝ කවර හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කරන මුලු ජනගහනය 18,52,572ක් බව ද සඳහන් කළේය. ඒ අනුව දිවයිනේ සෙසු සියලු පළාත්වලට සාපේක්ෂ ව බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.
සිසුන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඔවුන් තුළ ඒ සම්බන්ධව අලෙවිකරුවන් සහ පොළඹවන්නන් විසින් ඇතිකර ඇති දුර්මත බව ද සඳහන් කළ තේනබන්දු මහතා, මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිගුකාලීන ව නිදි වැරීමට හැකියාව ලැබෙන බව, ධාරණ ශක්තිය වැඩිදියුණු වන බව, සමාජයේ කැපී පෙනීමට හැකිවන බව, ලිංගික ආකර්ශණය දිනාගත හැකිවන බව, ලිංගික ශක්තිය වැඩිවන බව, ආදී කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව විද්‍යාත්මක ව තහවුරු කර ඇති බව ද අවධාරණය කළේය.
තවද මේ සිසුන් ඉලක්ක කරගනිමින් ඔවුන් මත් උවදුරින් බේරාගැනීම වෙනුවෙන් මහා පරිමාණයේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදිය යුතුව ඇති බව ද සඳහන් කළේය.
පාසල් පරිශ්‍රයන් තුළ හෝ පාසල් ආශ්රිත පරිසරයන්හි කිසියම් හෝ මත්ද්‍රව්‍ය ආශ්රිත ක්‍රියාකාරකමක්, වරදක්, සිදුව ඇත්නම් ඒ සම්බන්ධ ව වහාම දැනුම් දීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම ද මෙහි දී සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා ඩයලොග් ආයතනයේ බස්නාහිර පළාත් අලෙවි කළමනාකාර මංගල අතපත්තු මහතා විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා වෙත මෙම නව ක්ෂණික ඇමතුම් අංකය හා ඊට අදාළ පැකේජය අද දින භාරදෙන ලදී.
මෙම නව ක්ෂණික ඇමතුම් අංකය වන්නේ 0777128128