ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර ගුරුකන්ද විහාරස්ථානයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වු අවස්ථාවේ ආදාහන කටයුතු සිදු කිරිමට විශාල බාධා ඇති වූවත් උන්වහන්සේගේ තෙමස් පූර්ණ දානමය පින්කම කිසිදු බාධාවකින් තොරව ඉතා සිදු කිරීමට අවස්ථාව හිමිවූ බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
බුදුපුත් මාපිය සුරැකීමේ සංවිධානයේ මෙහෙය වීමෙන් අද (25) මහනුවර අස්ගිරි මහ විහාරීය පිරිවෙණේදී පැවැති උත්සවයකදි ආනන්ද නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
පසුගිය කාලයේ මහ සංඝරත්නය අවතක්සේරුවට ලක් කරමින් බෞද්ධ විරෝධි වැඩපිළිවෙලක් රටේ ක්‍රියාත්මක වූ බවත් අද එම තත්ත්වය පහව ගොස් මෙරට ශාසන විරෝධී සංවිධාන යම් තරමක් අකර්මන්යවි තිබෙන බව මින් පැහැදිලි බවත් මේ රට බෞද්ධ රටක් බව කියන්නට දිව නොනැමුණු දේශපාලනඥයින් රටේ සිටි බවද ආනන්ද නාහිමියෝ පැවසූහ.
අද රටේ නොයෙක් නම් වලින් හඳුන්වන සංවිධාන ගණනාවක් තිබුණත් ඒවායින් ජනතාවට යහපත් යමක් සිදු නොවන බවත් බුදුපුත් මාපිය සුරැකීමේ සංවිධානය වසර 08 ක් තිස්සේ නිහඬව ශාසනයට සුවිශාල සේවාවක් කර තිබෙන බවත් ප්‍රකාශ කළහ.
වර්තමානයේ උපවැදි වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙන බවත් භික්ෂූන් වහන්සේලාගේ දෙමවුපියන් යම් යම් දුෂ්කර ජීවිත ගත කිරීම මෙයට එක් හේතුවක් බවත් කී උන්වහන්සේ සසුනට පූජා කෙරෙන පොඩි හාමුදුරුවරු සසුන තුළම රඳවා ගැනීමට අවශ්‍ය පිටු බලයක් මෙම සංවිධානය මගින් ලැබෙන බව සදහන් කළහ.