පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති කොමිසම් සභා වාර්තාව නිකුත්වූ පසුව එහි කරුණු පසුබිම් කරගෙන අදාළ චූදිතයන්ට නව ආණ්ඩුව යටතේ අනිවාර්යෙන්ම කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) දින කොළඹදි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදීය.
විමල් විරවංශ මහතාට දැඩි වගකීම් සහිත අමාත්‍යාංශයක් හිමිවි ඇති බවත් එහි කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා සුභ පතන බවද අගරදගුරු හිමිපාණන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
අගරදගුරු හිමිපාණන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ මට ලැබිලා තිබෙන අමාත්‍යාංශය හරහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳන්න බලාපොරොත්තු වෙනවා. කාදිනල්තුමා ඉතා සුභවාදිව කරුණු ඉදිරිපත් කලා. එම කාර්යයට උන්වහන්සේ හැකි සෑම වෙලාවකම සහාය දෙන බව කිව්වා. පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්නේ කවුද කියලා සොයාබැලිය යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ත්‍රස්තවාදි ප්‍රහාරය වළක්වා ගන්න බැරි උනේ ඇයි? ඊට වගකිව යුත්තේ කවුරුන්ද කියලා රටට හෙළිකළ යුතුයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේව බැහැ දැකිමට ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළ බව උන්වහන්සේ මට කිව්වා. පසුගිය පාලන සමයේ ඵ් සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පරික්ෂණයක් සිදු වුණේ නැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අංග සම්පුර්ණ වාර්තාවක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
දැනට කෙමිසන් සභාවකුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඵම කොමිසමේ සාක්ෂි විභාගය කඩිනමින් අවසන් කරන්න කියලා ගෝඨාභය ජනාධිපතිතුමා උපදෙස් ලබා දිලා තියනවා. එම සාක්ෂි විභාගය සම්පුර්ණයෙන්ම අවසන් කළ යුතුයි. ඵම කොමිසන් සභා වාර්තාව නිකුත් වු වහාම ඵහි කරුණු පදනම් කර ගෙන එම චුදිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනවා.
විශේෂයෙන්ම සහරාන්ලගේ පිටුපස හිටපු දේශපාන බලවතුන් පිළිබඳව කරුණු අනාවරණය වුණොත් ඒ අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරනවා. කාදිනල්තුමා නවපාලනයට සුබ පැතුවා. රටේ විශාල පිරිසක් නව පාලනය ගැන බලාපොරොත්තු තියාගෙන සිටින බව කාදිනල්තුමා ප්‍රකාශ කළා. ඒ බලාපොරොත්තුව සඵල කරගෙන වැඩ කරන්න කියලා කාදිනල්තුමා පෙන්වා දුන්නා” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.