අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට පාස්කු ප්‍රහාරය එල්ල වූ බවට තමන්ට දැන ගැනීමට ලැබුණ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ පළමු ගුවන් යානයෙන්ම කොළඹට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ 135 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අප්‍රේල් 21 ප්‍රහාරය මට දැන ගන්න ලැබුණ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ප්‍රථම ගුවන් යානයෙන්ම මමත් මගේ පවුලත් නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.
ත්රස්තවාදයේ බය හා මරණයේ බය නැතිකිරීමට අපගේ වගකීම් ඉවහල් වෙනවා. ඒ අවස්ථාවේදී මගේ මනසට ආපු දේ තමයි තානාපති කාර්යාලයට මාව ඕන, ශ්‍රී ලංකාවේ තිබෙන චීන සමාගම්වලට මාව ඕන, ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින චීන ජනතාවට මාව ඕන කියන හැගීමයි.
ඒ වගේම ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලංකාවේ අහිංසක මිනිස්සුන්ට චීනය ඕන කියන හැගීමයි.
පසුගිය මාස හයක කාලය තුළදී ශ්‍රී ලංකාව කළ හදිසි ඉල්ලීම්වලට අපි විශාලම සහයෝගය ලබාදුන්නා.
මේ ව්‍යවසනය සිදුවී සතියක් ඇතුළත් චීනයේ රතු කුරුස සංවිධානයෙන් රුපියල් මිලියන 18ක මූල්‍යමය පරිත්‍යාගයක් දුන්නා. සති දෙකක් තුළ අපි චීනයේ නිශ්පාදිත ජීප් 10ක් ලබාදුන්නා. පසුගිය මාසය දක්වාම හදිසි අවස්ථාවලදී භාවිත කළ හැකි ආරක්ෂක උපකරණ අපි දුන්නා. මෙහි වටිනාකම රුපියල් බිලියන 2ක් පමණ වෙයි. ඒ වගේම අපි නාවික හමුදාවට යාත්‍රාවක් දුන්නා. ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ විශාල පිරිසකට චීනයේදී ආරක්ෂක පුහුණුව දුන්නා.
අපි මීගමුවේ ශාන්ත සෙබස්තියන් පල්ගියට ගියා. අපි අනතුරින් තුවාල ලැබූ දරුවන් බැලුවා. ඔවුන්ගේ අවශ්‍යතා ගැන ඇහුවා. මම ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් චීන තානාපති කාර්යාලය වෙනුවෙන් සිදුකරනවා.
චීනය හා ශ්‍රී ලංකාව හොඳ අසල්වැසියන්. අපි හොඳ සහකරුවන්. අපි වසර 1000ක් පමණ සබඳතා පවත්වා තිබෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විශාලම සංචාරක සහකරුවන් වන්නේ චීනයයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශාලම ආයේජකයා චීනයයි. කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, හම්බන්තොට ව්‍යාපාරය වැනි අප සිදුකළ ව්‍යාපෘති මගින් දෙරටටම හා දෙරටේම ජනතාවට ප්රතිලාභ ලැබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.