පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබදව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබදව තමා කණගාටුවට පත් වෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (20 ) කරන්දෙණියේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද කීවේය.
මම හිතන්නේ මගේ මතකයේ හැටියට කොමිෂන් සභා පනත ආවේ 1946දියි. එය රාජ්‍ය මන්ත්‍රණ සභාව යටතේ ආපු බලයක්.ඒ බලයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ අවස්ථාවල නැවත තිබිලා තියෙනවා.කොමිසන් සභාවක් මගින් සොයා ගන්නා කරුණු කාරනා පිලිබදව අධිකරණය කරන කටයුත්තක් සදහා ක්‍රියාත්මක කිරීම ලෝකය දැනට ප්‍රතික්ෂේප කරලා තියෙන ක්‍රියාවලියක්.
ඒ ක්‍රියාවලිය ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය යම් අවස්ථාවල ක්‍රියාත්මක කරලා තියෙනවා.ඒ අවස්ථාවලත් සමාජ මතය තිබුනේ මොකද නීතිය සකස් කරන ආයතනය නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයි. ඒ නිසා තමයි පාර්ලිමේන්තු බලයත් අධිකරණ බලයත් රටක සමබර ක්‍රියාත්මක විය යුතුයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ වෙලාවේ ඒගැන ඔවුන්ගේ නිර්දේශවල සටහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන මේ අධිකරණ ක්‍රියාවලියත් කොමිසන් සභා ක්‍රියාවලියත් පිලිබදව ඒ අයත් කියලා තියෙනවා ලෝක මාන වර්ගයා පිළිගත් සම්ප්රදාය අනුව ක්‍රියා කිරීම වැදගත් කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්න කලින් ලංකාවේ අය ඒ ගැන සිතනවානම් හොදයි කියලයි මම හිතන්නේ.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත