තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්රදේශයේ නිවසක අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මතට පස් කන්දක් අද (04) සවස කඩා වැටී එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපන, බැල්මොරල් වත්තේ පදිංචිව සිටි සුබ්රමණියම් රවිකුමාර් (43) නැමැති අයෙකු බව පොලීසිය කියයි.
නිවසක් තැනීමට අත්තිවාරම් කපමින් සිටියදි ඊට ඉහලින් තිබු පස් කන්දක් කඩා වැටී මෙම පුද්ගලයන් තිදෙනාම ඊට යට වී ඇති අතර පසුව ආගරපතන පොලීසියේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව මොවුන් පස් ඉවතත් කොට බේරා ගැනීමට පියවර ගෙන ඇති මුත් ඒ වනවිටත් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ප්රතිකාර සඳහා ආගපතන රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් ප්රකාශකයෙකු කීය.
ආගරපතන පොලීසියේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්ද්රපාල මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ