රටක සෞඛ්‍ය අංශය සැලසුම් සහගත විය යුතු බවත් රටේ සියලුම රොහල් පහසුකම් වලින් සපිරි අංග සම්පූර්ණ රෝහල් විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි. අමාත්‍යතුමීය මේ බව ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර බටහිර ආසනයේ පලාත් පාලන නියොජිතයින් ඩෙංගු හා මී උණ රෝගවල ව්‍යාප්තිය හා පාලනය පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ (07) සහභාගි වෙමිනි.
“අපේ හිටපු ජනාධිපතිතුමා මේ පළාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පළාතේ රෝහල් ගැන බැලුවා ද කියන එක නම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
පොලොන්නරුව හොඳ වෙන්න පුලුවන්. හැබැයි අනුරාධපුරේ සෞඛ්‍ය තත්ත්වය ගැන මට තියෙන්නෙ බොහොම කණගාටුදායක තත්ත්වයක්. ජනාධිපතිතුමා නිතරම කියන්නේ මේවා සැලසුමකට හදන්න කියලා. රටේ සෞඛ්‍ය පිළිවෙලකට හදන්න කළ යුතු වැඩ ටික හරියට පළමුව කරන්න.” යැයි සඳහන් කර සිටියාය.