පානදුර කොට්ඨාස රථ වාහන ස්ථානාධිපතිවරයාට රුපියල් 1000ක අල්ලසක් ලබාදීට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට නීතිය මගින් කටයුතු කිරිමට යාමේදි සැකකරු විසින් දිගින් දිගටම රුපියල් 1000ක අල්ලසක් ලබාදීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගෙන තිබේ.
රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදවීම හා අල්ලස් ලබාදීමට උත්සාහ කිරිම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.