ආරවුලක් විසදා ගැනිමට පොලීසියට පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය තුළදිම යකඩ බටයකින් පහර දිම හේතුවෙන් (23) දින මිය ගිය බව දියබෙදුම පොලීසිය පවසයි·
මෙසේ මියගොස් ඇත්තේ විජයාරාම පාර කොළඹ 07 ලිපිනයේ පදිංචිව සිටි එචි. ජි .පි . ඩි සිල්වා නැමැති (47) හැවිරිදි අයෙකි·
මේ සම්බන්ධයෙන් දියබෙදුම පොලීසිය පවසා සිටින්නේ ඉකුත් 22 දින මධ්‍යම රාත්‍රියේ 11 ට පමණ 119 හදිසි දුරකථනය ඔස්සේ අත්තනකඩවල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු විසින් ආරවුලක් හටගෙන ඇති බවත් වහාම එම ස්ථානයට යන ලෙස දුරකථන ඇමැතුමක් ලැබුණු බවයි·
ඒ අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගිය පසු එම නිවසේ ආරවුල ඇති කරගත් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ පොලිස් රථයේ ගමන් කිරිමට අවශ්‍ය නැති බවත් අපට අවශ්‍ය පැමිණිල්ලක් දැමිමට බවත් පවසා ඇත·
පසු ආරවුල ඇතිකරගත් දෙදෙනා සහ නිවස හිමිකාරිය තමන්ගේ වාහන මගින් පොලීසියට පැමිණ ඇත·
පසුව එම පිරිස පැමිණිලි අංශය වෙත ගෙන්වා පැමිණිල්ල විභාග කරමින් සිටින විට ආරවුල ඇති වු නිවසේ කාන්තාව පොලීසියට පවසා ඇත්තේ තමන් ජනාධිපතිතුමාගේ ළගම ඥාතියෙකු බවයි·
පසුව තිදෙනාම පොලීසියේ වාඩි කරවා පැමිණිල්ල විභාග කරමින් සිටින අවස්ථාවේ එක් අයෙකු තමන්ට වැසිකිලියට යැමට අවශ්‍ය බව පවසා තිබේ.
එම ඉල්ලිම අනුව එම පුද්ගලයා වැසිකිලියට ගොස් එක්වරම පුටුවේ වාඩි වි සිටි තැනැත්තාට එක්වරම යකඩයකින් පහරක් එල්ල කිරිමත් සමග පොලිස් නිලධාරින් වහා පුද්ගලයා අල්ලාගෙන සිර මැදිරියට දමා ඇත· පසුව තුවාලකරු වහාම පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු 23 දින අලුයම මරණයට පත්ව ඇත·
මෙම මරණය සිදු කල තැනැත්තා මැදිරිගිරිය දියසෙන්පුර මහ තලාකොළවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි·