වැල්ලම්පිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමට පිහියකින් ඇණ කඩුවකින් පහරදීමට උත්සාහ දැරූ පුද්ගලයන් තිදෙනෙක් කොලොන්නාව පුවක් ගස් වත්ත පාර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම වැටලීම් රාජකාරි සඳහා යමින් සිටියදී මත්පැන් පානය කළ පුද්ගලයකු මහජනයාට පීඩාවන ලෙස හැසිරෙන අයුරු දුටු පොලිස් කණ්ඩායමේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහුට අවවාද කිරීමේදී ඉනේ සඟවාගෙන සිට උන් පිහිය ගෙන ඔහුට ඇණ ඇතැයි පොලිසිය කියයි
එම අවස්ථාවේදී අනෙක් නිලධාරීන් විසින් එය වැලැක්වීමට උත්සාහ උත්සහ කිරීමේදී එම ස්ථානයට කඩුවක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පහරදීමට උත්සාහ කිරීමේ දී නිලධාරීන් අවම බලය යොදා එම පුද්ගලයන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
එම සිද්ධියෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු අතේ මාපටගිල්ල සහ කොස්තාපල්වරයාගේ වම් අත තුවාල වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළොන්නාව පුවක් ගස් වත්ත පාර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය
සැකකරුවන් අලුත්කඩේ අංක දෙක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි .
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ