පොලිස් නිලධාරියෙකු හෝ රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව සිය බලය භාවිත කිරීමේදී ඊට එරෙහිව කිසිවෙකුටත් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“පන්නිපිටිය පොලිස් නිලධාරියෙකු ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියේදී යම්කිසි මාධ්‍ය ආයතනයක් මගෙන් විමසීමේදී මා ප්‍රකාශ කළේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමේ නිර්ණායක දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා ඇති බවත් විශේෂයෙන්ම 92 හා 93 වගන්තිවල ඇති නිර්ණායක අනුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ යුතු බවයි.
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත නිර්නායක දණ්ඩ නිති සංග්‍රහයේ 92/93/96 වගන්ති වල ඇතුළත් වෙනවා.
කිසිම අවස්ථාවක ‘රජයේ නිලධාරියෙකු තමන්ගේ නිලයේ නාමයෙන් බලය භාවිත කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ නොහැක්කේය’ යනුවෙන් එහි සඳහන් වෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව වැරදි අර්ථකතයක් ලබාදෙමින් පොලිස් නිලධාරීන්ට පහරදිය හැකි බවට සඳහන් යම් ප්රවෘත්ති සමාජ මාධ්‍ය තුළ විකාශය වෙනවා. එය වැරදි ලෙස අර්ථකතනය කිරීමක්.
රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව සිය බලය භාවත කිරීමේදී යම් පුද්ගලයෙකුට ඊට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරිමේ අවස්ථාවක් නෑ.
කෙසේ වෙතත් පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයෙකුට හේතුවක් නොමැතිය පහරදීමක්, බලය භාවිත කිරීමක් සිදුකළ හොත් ඒ අයට විශේෂයෙන්ම පොලීසියට, පොලිස් මූලස්ථානයට, ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමෙ හැකියාවක් තිබෙනවා.
මානව හිමිකම් කොමිසමට පැමිණිලි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි. වන්දි නඩුවක් ගොනු කළ හැකියි.
එසේ නොමැතිව නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව කිසිම අවස්ථාවක බලය භාවිත කිරීමේ හැකියාවක් නෑ."