ආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහර දිම සම්බන්ධව සැකකාර තරුණයින් තිදෙනෙකු අද (9) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසයි.
මෙසේ පහර කැමට ලක්වි තිබුණේ ආණමඩුව පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි 4500 අබේසිංහ , 60935 අසේල යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකී.
අදාල නිලධාරින් දෙදෙනා ඊයේ (8) දින රාත්රියේ ආහාර ගැනිම සදහා ආණමඩුව තොනිගල ප්රදේශයේ හෝටලයකට පැමිණ ඇති බවත් එහිදි ඇතිවු සුළු සිද්ධියක් මුල් කරගනිමින් එම ස්ථානයේ සිටි පුද්ගලයකු එකවර කඩා වැදි පොලිස් නිලධාරින්ට පහර දිම කර ඇති බව පැවසේ.
පහර දිමට සම්බන්ධ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබු බවත් අදාළ සැකකරු පොලිස් නිලධාරින් දෙදෙනාට පහර දිම් සිදුවන අවස්ථාවේ අදාළ සැකකරු සමග සිටි අනෙක් සැකකාර තරුණයින් දෙදෙනෙකු පොලිස් නිලධාරින්ට පහර දිමට සම්බන්ධ සැකකරු වලක්වා ගැනිමට උත්සාහ කර ඇති බව පහර කැමට ලක්වු පොලිස් නිලධාරින් ප්රකාශ ලබා දි තිබේ.
කෙසේ නමුත් අදාළ පහර දිම සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.