අද දින (28) මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය තුළදිම වෙඩි තබා ගෙන සියදිවි හානිකරගෙන ඇත.
පොලිස් ස්ථානයේ ආපන ශාලාව අසලදි සිය රාජකාරි ගිනිඅවියෙන් හිසට වෙඩි තබා ගෙන මිය ගොස් ඇත.
මරණකරු අවු 29 ක් වු තලාව අනුරාධපුර ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ මනෝජ් දිසානායක යන අය වේ.
පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරිමට නියමිතව ඇත.
මහරගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.