හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදීමේ සිදුවීමට අදාළව පෑලියගොඩ පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මේ පිළිබඳව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස්මත පොලිස් විශේෂ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එක් කණ්ඩායමක්ද, කැළණිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තවත් කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වයි.