රාජකාරි අවශ්‍යතා සඳහා පිටත්ව යෑම සඳහා වෙනදාට වඩා මගීන් පිරිසක් අද (01) උදෑසන පොල්ගහවෙල දුම්රිය ස්ථානය පැමිණ සිටියහ.
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු තුනක් විවෘත කර තිබූ අතර එයින් ජූනි මාසයට අදාල වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ද සිදු කෙරිණි.
දුම්රියෙන් ගමන් ගන්නා සියලුම මගීන්ගේ උෂ්ණත්ව පරීක්ෂාව හා යුද හමුදා නිලධාරීන් විසින් සියලුම ප්‍රවේශ පත්‍ර පරික්ෂා කරන ආකාරය ද දක්නට ලැබුණි.
පොල්ගහවෙලින් එක් දුම්රියක් හා මහව ,රඹුක්කන කුරුණෑගල,මහනුවර සිට පැමිණි දුම්රිය දුම්රියන් හතරක් පොල්ගහවෙල දුම්රි ස්ථානය නැවැත්වීම කටයුතු යොදා තිබුණි.
අලව්ව අධිකාරි මුදියන්සේ