කඳුකරයට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුවේ වාන් දොරටු දෙකක් අද (15) විවෘත කර තිබෙන අතර, ඉන් තත්පරයට ඝන අඩි පන්දහසක ජල ධාරිතාවක් මහවැලි නදියට මුදා හැරෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එම වාන් දොරටු අඩි තුනක ප්‍රමණයකින් විවෘත කර ඇති අතර පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල යන ජලාශවලද ජල මට්ටම් සැලකිය යුතු අයුරින් ඉහළ නැග තිබේ.
චමිල් රූපසිංහ