මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (07) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ල වාන් දොරටු දෙකක් අඩි 1 අඟල් 9 බැගින් (1'9") ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ වික්ටෝරියා ජලාශය වෙත තත්පරයට ඝණ අඩි 3500 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.
ඊයේ දිනයේ (06) ජලාශයේ දොරටු 04 ක් විවෘත කර ඇත.
මේ හේතුවෙන් වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්