මේ වනවිට රට තුළ භාවිත කරන නිසි පරිදි තත්ත්වය පරීක්ෂා නොකරන ලද හා ලියාපදිංචි නොකරන ලද ඖෂධ සියල්ලම කඩිනමින් භාවිතයෙන්ඉවත් කළ යුතු බවවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්පිළිබඳවෛද්යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
ලියාපදිංචි නොවූ හා තත්ත්වය පරීක්ෂා නොකළ ඖෂධවලින් ආසාත්මිකවීම සාමාන්‍ය ආසාත්මිකතාවක් යැයි ඇතැම් බලධාරීන් ප්‍රකාශ සිදුකරමින් තිබෙන බවත්, මෙය ජනජීවිතය හෑල්ලුවට ලක් කිරීමක් බවත් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේය.
මේ වනවිට රෝහල් කිහිපයක රෝගීන්ට ඖෂධ ලබාදීමෙන් පසු ඇතැම් රෝගීන්ට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවී තිබෙන බවත්, මාස කිහිපයක සිට මේ බව තම සංගමය පෙන්වාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
අදාළ ගැටලුවලට විසඳුම් ලබා නොදීමනිසා ඉදිරියේදීත් මෙවැනි ගැටලු ඇතිවිය හැකි බවත්, මේ නිසා පවතින තත්ත්වය තුළ විධිමත් ලෙස සෞඛ්‍ය සේවාවපවත්වාගෙන යාමට නොහැකි වීම සැලකිල්ලටගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා හාසෞඛ්ය ලේකම්වරයා හා අධ්යක්ෂ ජනරාල්වරයා තනතුරුවලින් කඩිනමින් ඉල්ලා අස්විය යුතු බවදචමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.
වැඩි මුදලට හදිසි මිලදී ගැනීම යටතේ නිසි පරිදි තත්ත්වය පරීක්ෂා නොකරන ලද හා ලියාපදිංචි නොකරන ලද ඖෂධ ගෙන්වීම සිදුකරන බවට බලධාරීන් මේ වනවිට පිළිගෙන තිබෙන බවද ඒ මහතා පැවසීය.
මේ නිසා නිසි පරිදි තත්ත්වය පරීක්ෂා නොකරන ලද හා ලියාපදිංචි නොකරන ලද ඖෂධ සියල්ලම භාවිතයෙන් ඉවත් කර අදාළඖෂධ තොගවල සාම්පල් ලබාගෙන පරීක්ෂාවට ලක් කර එම ඖෂධ තවදුරටත්භාවිත කළ හැකිද නැද්ද යන්න අවසන් තීන්දුවක් ගත යුතු බවදචමල් සංජීව මහතාසඳහන් කළේය.