මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව පෑලියගොඩ පොලිස් වසමේ නවනුගේ පිහිටි මෙම ගබඩාව ඊයේ (26දා) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මෙම සීනි තොගය සොයාගෙන තිබේ.
පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් 3,000 ක් නීති විරෝධී ලෙස ගබඩාකර තබා ගැනීමේ වරදට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41,48 පසුවන පුද්ගලයන්ව බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
