මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ශීතාගාර වල ගබඩා කර තිබියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද (10දා) අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයය පැවසීය.
ලද තොරතුරක් අනුව පෞද්ගලික ශීතාගාර කිහිපයක් පරීක්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් පමණ වටිනා මාළු කිලෝ විසිපන්දාහසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් මාළු තොග සම්බන්ධයෙන් ,ඒවා ශීතාගාර වෙත ලැබුණු ආකාරය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කල බවද පැවසූ පොලීසිය ශීතාගාර හිමිකරු හා තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද ප්‍රකාශ කලහ.අත් අඩංගුවට ගත් සැකකරුවන් හා මාළු තොගය අද (10දා) මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා
