මිනිස් පරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ ග්‍රෑම් 590 ක් බේරුවල සහ දර්ගා නගරයේ ගබඩා කර තිබෙන බවට බේරුවල පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බේරුවල පොලිසිය හා ඒකාබද්ධව කළ වැටලීමෙන්එම ගබඩා දෙකම ඊයේ (4දා) රාත්‍රියේ මුද්‍රා තැබීමට පියවර ගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු දර්ගානගරය පදිංචිකරුවකු බවත් මෙම සහල් තොග වලින් කිලෝග්‍රෑම් පන්සියයක් බේරුවල සුපිරි වෙළෙඳ සැලට යාබද ටයිල් ගබඩා කිරීමට ගන්නා කඩ කාමරයක ගබඩා කරකර තිබුණු අතර ඉතිරි කිලෝ ග්‍රෑම් 90 ක සහල් ප්‍රමාණය දර්ගා නගරයේ ප්‍රදේශයේ ගබඩා කර තිබූ බව වැටලීම කළ පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.
සැකකරු ලබා දී තිබෙන ප්‍රකාශ අනුව මෙම සහල් තොගය විදෙස් රටකින් සහල් මෙරටට ආනයනය කරන පුද්ගලයෙකු සන්තකයක්තිබූ ගබඩාවක් ගංවතුරට හසු වී එම සහල් තොගය අලෙවියට සහපරිභෝජනයට නොසුදුසු වී ඇති අතර එම සහල් තොගයෙ මුල් හිමිකරු එම ගබඩා සංකීර්ණය රක්ෂණය කර තිබියදී ඊට අදාළ වන්දියක් එම රක්ෂණ සමාගමෙන් ලබා ගෙන ඇති බැවින් එලෙස ගංවතුරෙන් විනාශවී තිබූ සහල් තොගය පසුව රක්ෂණ සමාගමට අයිතිය පැවරිදි තිබී ඇති බවත් ඒ අනුව එම රක්ෂණ සමාගම යටතේ ලියාපදිංචි අබලි ද්‍රව්‍යයන් ඉවත් කරන ආයතනයක් මඟින් දර්ගා නගරයේ ව්‍යාපාරිකයා සහල් තොගය රුපියල් ලක්ෂ 16 ක මුදලකට මිලදීගෙන තිබෙන බව පොලිසියට සහ සෞඛ්‍ය අංශ වෙත ප්‍රකාශ කර බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි වරයා පැවසීය.
මෙම ව්‍යාපාරිකයා සම්පූර්ණ සහල් තොගය ඉකුත් 28 වන බ්‍රහස්පතින්දා බේරුවල හා ධර්ගා නගරයේ ගබඩා ගතකර තිබෙන බවත් ඔහු
එම සහල් තොග නැවත පිරිසිදු කර ප්‍රති අලවියට ගබඩා කර තිබියදී කිලෝ ග්‍රෑම් 590ක් වූ සම්බා සහල් තොගය අද දින ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන තෙක් මුද්‍රා තැබීමට කටයුතු කර බව එම නිලධාරීන් පැවසීය.
මිලදීගෙන තිබූ සම්පූර්ණ සහල් තොගයේ තිබූ තවත් කිලෝ ග්‍රෑම් 2500ක් වූ ප්‍රමාණයක් යම් මට්ටමකට පිරිසිදු කරඉකුත් සෙනසුරාදා දර්ගානගරය ප්‍රදේශයේ වෙළෙඳසල් තුනකට අලවි කර තිබෙන බවත් සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රකාශ කර බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.
එලෙස එම සහල්අලෙවිකර තිබෙන දර්ගා නගරයේවෙළඳසැල් අද(5දා) මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කෙරුණබව පැවසීය.
එම සම්පූර්ණ සහල් තොගයේ සාම්පල් පරීක්ෂාවකට ලක්කර ඒවා විනාශ කිරීමට අධිකරණ නියෝගය ලබාගෙන රස පරීක්ෂක වාර්තා කැඳවා අනතුරුව සැකකරුට චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය.
එම සහල් තොගය මුද්‍රා තැබීමට පෙර කළ පරික්ෂාවේදී ඇතැම් සහල් බෑග් වල ගුල්ලන් සහිත තත්ත්වයක් දක්නට ලැබුණු බවත් ඔවුන් පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
