ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්රතිපත්තියක් හිටපු අග්රාමාත්ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ලබන ඉරිදා (04දා) ඉදිරිපත් කිරීමට නියමිතය.
සිංහරාජය රකින හරිත වසරක් යන ප්රකාශයද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේද වර්ණය වන කොළ පැහැය යොදා ගනිමින් ඉදිරියේදී රට පුරා වනාන්තර ඇතුළු පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති අතර, අනාගත එ.ජා.ප. රජයක් යටතේ කිසිවෙකුටත් බලපෑම් කළ නොහැකි පරිසර ප්රතිපත්තියක් ස්ථාපිත කිරීම පිළිබඳවත් රනිල් වික්රමසිංහ මහතා මෙහිදී සඳහන් කිරීමට අපේක්ෂිතය.