“රට බල ගන්වන අමාත්‍යාංශයක් ලෙසට විදුලිබල අමාත්‍යාංශය තමං වෙතින් වෙන පරිසර හානිය අවමකර ගැනීමට උත්සාහ දරනවා. ලංකාවේ පරිසරය පිළිබඳව විත්තිකරුවන්ව විත්තිකූඩුවට නග්ගවනවා නම් විදුලිබල ඇමතිවරයා විදියට මම එහි දෙවැනි විත්තිකරුවා වනවා. පලමුවැනි විත්තිකාරයා වන්නේ ප්‍රවාහන විෂය භාර ඇමතිවරයායි. අපි අපේ බලශක්ති ප්‍රභවයන් වෙනුවෙන් ඩීසල් සහ දැවිතෙල් භාවිතා කිරීම නිසා පරිසරයට කරන උපද්‍රවය තක්සේරු කළ නොහැකියි” විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් දැක්වූයේ මාතර පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
“උදාහරණයක් විදියට කිවුවොත් ඊයේ දවසේ අපි ගිගාවෝට් පැය 45කට වැඩිය ජනනය කළා. මෙයින් ගිගාවෝට් පැය පහලොවක් පමණ ජනනය වුනේ ඩීසල් සහ දැවිතෙල් මත. මේ ගිගාවෝට් පැය 15 ද්‍රව ඉන්දන වලින් ජනනය කිරීමෙන් පසුව අපි පරිසරයට එකතු කරපු කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය ඊයේ විතරක් කිලෝ මිලියන 13යි. කිලෝ මිලියන 13ක් කියන්නේ ටොන් 13000ක්. මෙය කොයි තරම් බරක්ද? ඒ නිසා පරිසරය රැකගැනීම වෙනුවෙන් තමයි අපි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇතුලේ ඉලක්කයක් දීලා තියෙන්නේ 2025 වන විට මේ රටේ ද්‍රව ඉන්දන වලින් විදුලිය ජනනය කිරීම 5%කට අඩු කරන්නට හා 2030දී එය 1%කට අඩුකරන්නටයි.
වර්තමාන ලෝකය තමාගේ අනාගත පැවැත්ම මානව සංහතියේ චිරස්තිතිය වෙනුවෙන් තිරසාර සංවර්ධන මාර්ග අනුගමනය කරන්නට පෙළඹී තියෙනවා. මම විදුලි බල අමාත්‍යවරයා විදියට පුනර්ජනනීය විදුලිබල ප්රභවයන්ට අනුවර්තනය වීම බලශක්ති සංරක්ශණය, පරිසරයට අහිතකර ක්‍රියාකාරකම් අවම කිරීම වැනි විවිධ ක්‍රියාවලීන් හරහා මානව වර්ගයා ලෙස පරිසර සහජීවනයට හුරුවෙන්නට උත්සාහ දරන්නට අපි කණ්ඩායමක් විදියට ලොකු උත්සාහයක් ගන්නවා.
පරිසරය සමග සහජීවනයක් නොමැති තැනක අන් කිසිදේකට පැවැත්මක් නෑ මිත්‍රවරුනි. මතක තියාගන්න පරිසරය මිලියන හාරදහස් පන්සීයක ඉතිහාසයක් තිස්සේ පරිසරය පවතිනවා. අපි මානවයා තාම පෘතුවියේ ගතකර තිබෙන්නේ වසර ලක්ෂයයි.”