නව කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා පැරිස් සහ ප්රංශයේ තවත් නගර කිහිපයකට සෙනසුරාදා සිට රාත්රී ඇඳිරි නීතිය පනවනු ඇති බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් නිවේදනය කරයි.
ඒ අනුව රාත්රී 9 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්රියාත්මක වන සෙසු නගර වන්නේ අයික්ස්-එන්-ප්රොවෙන්ස්, මර්සෙයිල්, ග්රෙනොබල්, මොන්ට්පෙලියර්, ටූලූස්, ශාන්ත එටියන්, ලිලී සහ ලියොන් යන නගරයන්ය.
"වඩාත්ම භයානක සම්බන්ධතා වන පුද්ගලික සම්බන්ධතා අඩු කිරීම මෙහි අරමුණයි" මැක්රොන් පැවසීය.
රාත්රී කාලයේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමෙන් පළමු වරදට යුරෝ 135ක (රු.30,000ක පමණ) දඩයක් සහ වරද නැවත නැවත සිදුවුවහොත් යුරෝ 1,500ක (රු.325,000ක පමණ) දඩයක්ද ගෙවිය යුතු බව ඔහු පැවසීය.