ඇඩම් එක්ස්පෝ සමාගම ඇතුළු සමාගම් නමයක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතනය සිදුවී වසර තුනකට ආසන්න කාලයකට පසුවය. 2018 වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාපාරිකයා සිය සේවා ස්ථානය තුළ මරණයට පත්ව තිබුණි. ඔහුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස තීන්දු කර මිහිදන් කෙරිණි.
කෙසේ වෙතත් වසර 2කට පමණ පසු ඇති වූ ඇති වූ සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව 2019 වර්ෂයේදී ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විණි.
එහිදී නිරීක්ෂණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ හකු ඇටේක පිපිරීමක් හා වම්පස ඉල් ඇටයක පිපිරීමක් සිදුවී ඇති වත් එය මොට බලයකින් සිදු වූ බාහිර තෙරපුමකින් සිදුවූවක් බවට දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වී ඇත.
මෙලෙස මොට ආයුධයකින් පහර දී ඇත්තේ ගෙල ටයි පටියකින් සිර කිරීමෙන් බව වැඩිදුරටත් අනාවරණය වී ඇත. දේපල ලබා ගැනීමේ අරමුණින් සිදු කළ මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.