විශේෂයෙන්ම එන්නත් සමහර ප්‍රදේශ වලට ඇයි වැඩියෙන් යන්නේ මොන පදනමෙන් ද කියලා හැමෝම අහනවා. මාධ්‍යයෙන් කතා කරනවා. ඔබ තුමාලා බනිනනවා, මෙහෙම ප්‍රශ්න තියා ගෙන කොහොම හරි අමාරුවෙන් මේ වැඩේ අපි ඉස්සරහට අරගෙන යන බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
හෙතෙම මේ බව පවසා සිටියේ (4 දා) මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට කෝටි තුනකට ආසන්න වෛද්‍ය උපකරණ තොගයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය .
සමහර දේවල් තිබෙනවා අපිට එක පාරට පාලනය කර ගන්න බැරි දේවල් , අපි එකඟ වෙන්නේ නැති දේවල් තියෙනවා. නමුත් අපි ඒ හැම දෙයක්ම කළමනාකරණය කරගෙන තමයි අපි මේ කොවිඩ් මර්දන කටයුතු කර ගෙන යන්නේ, විවිධ අදහස් තිබෙන විවිධ පොරොත්තු තිබෙන කණ්ඩායම් රජය ඇතුලෙත් වුනත් ඉන්නවා . ඉතින් ඔයාල දන්නවා රොහලක වුනත් හැටක් විතර වැඩ කරනකොට කරනකොට ඒ හැට දෙනාම එක වගේ නෙමෙයි, සමහර කාරණා වලදී එකඟ නොවන අවස්ථා තිබෙනවා.
අනුරාධපුර - බී.ජී චතුරංග