මාර්තු මස 3 දාට පසුව පාර්ලිමේන්තුව විසුරුවාහරින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (19දා) විදෙස් මාධ්‍ය නියෝජිතයන් හා පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පාර්ලිමේන්තුව වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබේ.
මාර්තු මස 3 දා වන විට පාර්ලිමේන්තුව වසර හතර හමාරක කාලය සම්පූර්ණ කරන හෙයින් ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අවස්ථාව තිබේ.