ලබන ජනවාරි 31 දා වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර අවසන් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 20ක් බැගින් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.
එසේම සෑම ගමකටම රුපියල් ලක්ෂ 20ක් ලබාදීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රැකියා 700ක් හා පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රැකියා 100ක් ලබාදෙන බවත් ජනපතිවරයා සඳහන් කර තිබේ.